පපු තුරේ හිස තියාගෙන දවසක් ඔයා
මතකයිද කෙඳිරුවා...
මේතරම් සුවැති උණුහුම් මොළොක් සයනයක
සදා කල් නිදන්නට තියේ නම් මට කියා...
සැබෑ නොම වීද අද ඒ වදන් තරමකට...
වෙනස නම් ලය මතෙහි නොවේ නුඹ නිදන්නේ
හද ගැබේ පතුලේම නුඹ නමින් සදා කල්
තැනුණු රජ මැදුරේය..
එහි නුඹට සදා කල් ඉන්න ඉඩ හසර ඇත..
වෙනත් කිසිවෙකුට එහි එන්න අවසර නැතිය...
මුර සෙබළු අයෝමය දොරටු කිසිවක් නැතිය
දනිමි නුඹ කිසි දිනක පලා යන්නේ නැතිය...
දියෙහි ඇඳි සිත්තම්
Monday, June 20, 2016
Thursday, June 16, 2016
4. නිදන්න මගෙ සඳ...
මගේ ලඟින් නුඹ උන් එක මොහොතක
තුරුලට ගෙන හෙමිහිට මුව සිපගෙන
අහ ගන්නට මට අමතක උනු හැටි
නොහඬා ඉන්නා හැටි ගිය දවසක
අත් වැල් පටලා සයුරු වෙරල ඉම
දිගු සෙවනැලි ඇඳෙනා හැන්දෑවක
කියන්න නුඹටත් අමතක වෙන්නැති
නුඹ නැති රැය දිගු බව මේ තරමට
මගේ නෙතින් ගිලිහුණු එක කඳුලක්
නුඹේ අතින් පිස දාලූ මොහොතක
යන්තම් වත් නුඹ හිතන් නැතුව ඇති
මගේ කඳුළු අද පිසින්නෙ කවුරුද
තරු එලියක් වත් නැති අහසක් යට
මතක අහුලමින් ගෙවා දමමි රැය
අපේ මතක මදකට අමතක කර
ඔහු තුරුළට වී නිදන්න මගෙ සඳ
Monday, June 13, 2016
3 . නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද... Song for you
දමා යන්න බැරි බව දැන දැන
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හඹා එන්න සිතුනත් ඉගිලී...
හිත රිදෙයි කියා ඉවසමි සොඳුරී
පෙම් සිතුවම් ඇන්දේ..
නිල් අහස පුරා මන්දිර තැනුවේ
නුඹත් එක්ක මම
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හදවත මැද්දේ
මුදු තොල් පෙති වලින් තැවරුවේ
නුඹෙ සුසුම් සුවඳ පොද
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...
පද, සංගීතය, හඬ... - කඳුළු
Friday, June 3, 2016
2. නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...Lyrics for you...
දමා යන්න බැරි බව දැන දැන
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හඹා එන්න සිතුනත් ඉගිලී...
හිත රිදෙයි කියා ඉවසමි සොඳුරී
සිතුවම් ඇන්දේ..
නිල් අහස පුරා මන්දිර තැනුවේ
නුඹත් එක්ක මම
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හදවත මැද්දේ
මුදු තොල් පෙති වලින් තැවරුවේ
නුඹෙ සුසුම් සුවඳ පොද
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...
Tuesday, May 10, 2016
1.
ජීවිත
කාලයක් බලාගෙන ඉඳලා ඉඳලා... බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන දන්න හොඳම
විදිහට හැඩ කරලා... හිතුන ලස්සනම විදිහට පාට කරපු සිත්තම දිය මතුපිට ඇන්ඳ
හීනයක් වගේ දිය වෙලා යනවා ඔය ගොල්ලො දැකල තියෙනවද.....
එපා... කවදාවත් එහෙම දෙයක් දකින්න හිතන්නවත් එපා...
ඉන්න... මම කියන්නම් ඒ කතාව...
එතකොට ඔයගොල්ලන්ටම තේරෙයි ඒක දරාගන්න කොච්චර අමාරුයිද කියලා....
හැම කතාවකම වගේ මේ කතාවෙත් කුමාරිකාවක් ඉන්නවා... කුමාරයෙක් නම් නෑ...ඉන්නෙ සිත්තරෙක්...
ඒ කුමාරිකාව තමයි මේ ලෝකෙ ඉන්න අහිංසකම කුමාරිකාව...එයා තමයි සිත්තරාගෙ පින්සලට පාට දුන්නෙ...
සිත්තරා ඒ පාට දිය කලේ කඳුලු වලින්...
කුමාරිකාව සිත්තරාට ඇති තරම් පාට දුන්න වගේම සිත්තරාට ඒ පාට දියකරන්න ඇති තරම් කඳුලු එයා ලඟ තිබුණා...කවදාවත් ඉවර නොවෙන තරම්...
ඒ දෙන්න එකතු වෙලා ඇන්ඳ සිත්තර ඔක්කොම එකතු කරල අහසෙ රැන්දුව නම් මේ ලෝකෙට කවදාවත් ඉර එලිය වැටෙන එකක් නෑ...මුළු අහසම වහන්න තරම් සිත්තර ගොන්නක් ඒ දෙන්න ඇඳල තිබුනා...
ඒත් ජීවිතේ හරිම පුදුමාකාරයි... වෙලාවකට අපිට හිතා ගන්නවත් බැරි දේවල් හිතාගන්න වත් බැරි වෙලාවල අපි ලඟටම ගෙනත් දෙනවා...තවත් වෙලාවක ඒ දුන්න දේවල් අපෙන් උදුරල ගන්නෙ අපි හිතන්නෙ වත් නැති තරම් වේගෙන්.
මේක මම කියන දෙයක් නෙවෙයි... මට ඇහුනා ඔයාගෙ හිත කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න එකමත් එක දවසක එහෙම කියනවා. ඒත් කවදාවත් හිතුනෙ නෑ ඒක ඔයාට විතරක් වෙන දෙයක් නෙවෙයි කියලා.

Subscribe to:
Posts (Atom)