Monday, June 20, 2016

5. මතක සිත්තම්

පපු තුරේ හිස තියාගෙන දවසක් ඔයා
මතකයිද කෙඳිරුවා...
මේතරම් සුවැති උණුහුම් මොළොක් සයනයක
සදා කල් නිදන්නට තියේ නම් මට කියා...

සැබෑ නොම වීද අද ඒ වදන් තරමකට...
වෙනස නම් ලය මතෙහි නොවේ නුඹ නිදන්නේ 
හද ගැබේ පතුලේම නුඹ නමින් සදා කල්
තැනුණු රජ මැදුරේය..

එහි නුඹට සදා කල් ඉන්න ඉඩ හසර ඇත..
වෙනත් කිසිවෙකුට එහි එන්න අවසර නැතිය...
මුර සෙබළු අයෝමය දොර‍ටු කිසිවක් නැතිය
දනිමි නුඹ කිසි දිනක පලා යන්නේ නැතිය...

Thursday, June 16, 2016

4. නිදන්න මගෙ සඳ...


මගේ ලඟින් නුඹ උන් එක මොහොතක
තුරුලට ගෙන හෙමිහිට මුව සිපගෙන
අහ ගන්නට මට අමතක උනු හැටි
නොහඬා ඉන්නා හැටි ගිය දවසක

අත් වැල් පටලා සයුරු වෙරල ඉම
දිගු සෙවනැලි ඇඳෙනා හැන්දෑවක
කියන්න නුඹටත් අමතක වෙන්නැති
නුඹ නැති රැය දිගු බව මේ තරමට

මගේ නෙතින් ගිලිහුණු එක කඳුලක්
නුඹේ අතින් පිස දාලූ මොහොතක 
යන්තම් වත් නුඹ හිතන් නැතුව ඇති
මගේ කඳුළු අද පිසින්නෙ කවුරුද

තරු එලියක් වත් නැති අහසක් යට 
මතක අහුලමින් ගෙවා දමමි රැය
අපේ මතක මදකට අමතක කර
ඔහු තුරුළට වී නිදන්න මගෙ සඳ


Monday, June 13, 2016

3 . නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද... Song for you




දමා යන්න බැරි බව දැන දැන
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හඹා එන්න සිතුනත් ඉගිලී...
හිත රිදෙයි කියා ඉවසමි සොඳුරී

පෙම් සිතුවම් ඇන්දේ..
නිල් අහස පුරා මන්දිර තැනුවේ
නුඹත් එක්ක මම
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද

හදවත මැද්දේ
මුදු තොල් පෙති වලින් තැවරුවේ
නුඹෙ සුසුම් සුවඳ පොද
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...


පද, සංගීතය, හඬ... - කඳුළු

Friday, June 3, 2016

2. නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...Lyrics for you...


දමා යන්න බැරි බව දැන දැන
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද
හඹා එන්න සිතුනත් ඉගිලී...
හිත රිදෙයි කියා ඉවසමි සොඳුරී

සිතුවම් ඇන්දේ..
නිල් අහස පුරා මන්දිර තැනුවේ
නුඹත් එක්ක මම
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද

හදවත මැද්දේ
මුදු තොල් පෙති වලින් තැවරුවේ
නුඹෙ සුසුම් සුවඳ පොද
නුඹ ගිහින් කියා සිතන්නෙ කෙලෙසද...